Saturday, November 2, 2024

General line - 0115112241

කඩුවෙල පොලිස් අත්අඩංගුවට පත් තරුණයෙකු මියයාමට එරෙහිව ප්‍රදේශවාසීන් සාධාරණයක් ඉල්ලයි




කඩුවෙල පොලීසිය විසින් ඉකුත් 17 වනදා අත්අඩංගුවට ගෙන තිබූ තරුණයෙකු හදිසියේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා කඩුවෙල වැලිහිඳ ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිතර වුණා. 

ඊට එක්වූවන් පවසන්නේ දින 2ක් රඳවාගෙන සිටි මෙම තරුණයාට පහරදී ඇති බවයි. වැලිහිඳ ප්‍රදේශයේදී රන්මාල කැඩීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 24 හැවිරිදි ලක්ෂාන් මධුශංක නමැති මෙම තරුණයාව කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසෙනවා.