ආණ්ඩුව විසින්ම වරින් වර මුද්‍රණය කරන ගැසට් නිවේදන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඒ, සීනි සඳහා ද පාළන මිලක් නියම කරමින් එක් ගැසට් නිවේදනයක් ද, පාළන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි දඩය ලක්ෂයක් දක්වා ද වැඩි කරමින් තවත් ගැසට් නිවේදනයක් ද පළ කර ඇතත් වැඩි මිලට සීනි අලෙවි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
සීනි නිෂ්පාදනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශයක් ස්ථාපිත කර තිබියදී දිගින් දිගටම සීනි සම්බන්ධයෙන් අර්බුධයක් මතුවන්නේ ඇයි ? සීනි නිෂ්පාදන විෂය භාර කුඩා වැවිළි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරගෙන් ඒ පිළිබදව සෘජුව ප්‍රශ්ණ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන්.