Saturday, November 2, 2024

General line - 0115112241

විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයින්ට විනය ක්‍රියා මාර්ග




විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පළාත් පාලන ආයතන නියෝජිතයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ, එම කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදියි.  

ඇතැම් පළාත් පලන ආයතන නියෝජිතයින්ගේ විෂමාචාර ක්‍රියා සහ අනිසි හැසිරීම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සහ එම ආයතනවල විශ්වාසය බිඳ වැටෙමින් ඇති බවයි මැතිවරණ කොමිසමේ අදහස වන්නේ.

ඒ අනුව සිදුවීම් විමර්ෂණය කර අදාල පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අදාල පක්ෂවල ලේකම්වරුන් වෙත යොමු කිරීමටද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

" ඇතැම් සභිකයින් පාරවල්වල සභාවල් තුල ගගහගන්නවා. මේක නරක පුර්වාදර්ශයක්. මේ සිදුවීම් බලන් ඉන්න ජනතාව පළාත් සභා ක්‍රමයට විරෝධය දක්වනවා. ඔවුන්ට එරෙහිව ක්‍රියාතමක කළ යුතුයි. ඒ සඳහා අයිතිය තියෙන්නේ පාර්ශ්ව දෙකකට පමණයි. ඒ අදාළ මන්ත්‍රීවරුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට සහ ආණ්ඩුකාරවරුන්ටයි."