Saturday, November 2, 2024

General line - 0115112241

වැටුප් ගෙවීමට නොහැකිව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ 2,000ක් දොට්ට




වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ තාවකාලික පත් වීම් ලබා දී තිබු 2,000කට ආසන්න පිරිසක් පසුගිය කාල සීමාවේදී ඉවත් කිරීමට සිදු වූ බව ජාතික උරුම, ප්‍රාසාංගික කළා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමානායක පවසනවා. 

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් විහාරස්ථාන ඇතුලු ආගමික ස්ථානවෙත බෙදා දීම මෙම තත්ත්වයට බලපෑ ඇති බවයි. 

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මධ්‍යම සංස්කෘතික අරමුදලට ආදායම් ලැබීම අවම වීමද මෙම තත්ත්වයට හේතු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමානයක වැඩිදුරටත් සඳහන් කළා.