විශ්වවිද්‍යාල වෙත සිසුන් ගෙන්වීමේදී සලකා බලන සාධක අතර කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබීම ප්‍රමුඛතාවක් ලෙස සැලකීමට විශ්වවිද්‍යාල උප කුළපතිවරුන් තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සමස්ථ සිසුන්ගේ ධාරිතාවයෙන් සියයට 25 ක් එක්වරකට විශ්වවිද්‍යාල වෙත කැදවා අධ්‍යයන කටයුතු සිදුකරගෙන යාමට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඊයේ ප්‍රකාශ කළා.
ඒ අනුව ඊයේ සිට ඕනෑම දිනයක විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සඳහා උප කුළපතිවරුන්ට අවසර ලබාදී ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ. ඒ අනුව දිවයිනේ එක් එක් විශ්වවිද්‍යාල විවෘත කිරීමට අදාළ උප කුළපතිවරුන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් කරුණු සොයා බැලුවා. පේරාදේණිය විශ්වවිද්‍යාලයේ උප කුළපති මහාචාර්ය එම් ඩී ළමාවංශ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුළපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන එම විශ්වවිද්‍යාලය වෙත සිසුන් ගෙන්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන ආකාරය සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වුවා.
සිසුන් විශ්වවිද්‍යාලය වෙත ගෙන්වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුළපති මහාචාර්්‍ය නිලන්ති ද සිල්වාගෙන් ද නෙත් නිවුස් කරුණු විමසුවා.
සිය විශ්වවිද්‍යාලය වෙත බඳවාගත්ත ද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙතෙක් විශ්වවිද්‍යාලය වෙත කිසිදු දිනක පැමිණීමට නොහැකි වූ සිසුන් කණ්ඩායමක් විශ්වවිද්‍යාලය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුළපති මහාචාර්්‍ය නිලන්ති ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.