Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රතික්ෂේප කළ චීන පොහොර යළි පරීක්ෂාවට එකඟවීමේ තීරණයට පාර්ශව රැසක විරෝධය




අහිතකර බැක්ටීරියා ඇති බවට තහවුරුවීම හේතුවෙන් හරවා යැවුණු චීන කාබනික පොහොර ඇතුලත් නෞකාවට කිසිදු වරායකට ඇතුලුවීමට ඉඩ ලබානොදෙන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. අදාළ නෞකාව මෙරටට ආසන්නයේ ගිණිකොණදිග මහුදු තීරයේ නැංගුරම්ලා ඇති බවට වාර්තා පළ වුණා. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ බලහත්කාරයෙන් මෙරට වරායට ඇතුලුවීමට කිසිදු නෞකාවකට හැකියාවක් නොමැති බවයි.

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු චීන සමාගමේ කාබනික පොහොර තෙවැනි පාර්ශවයක් මගින් නැවත පරීක්ෂා කිරීම සඳහා මෙරට බලධාරීන් එකගතාව පළ කර ඇති බව ඊයේ වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රතික්ෂෙප කෙරුණු පොහොර යළි පරීක්ෂාවකට එකඟවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බවයි සමගි ජනබලවේගය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ.

මෙවැනි බලපෑම් එල්ල කිරීමට වෙනත් රටකට හැකියාවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලිද ජයතිස්ස ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඊයේ පැවති වැඩසටහනකදී පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.