Monday, April 29, 2024

General line - 0115112241

උසස් පොලිස් නිලධාරියෙකුට ස්ථාන මාරුවක්




සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රන්මල් කොඩිතුවක්කුට පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඒ, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභසාධක සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටයි.

රත්නපුරල කිරිඇල්ල මාර්ගයේදී පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මේ දිනවල සංසරණය වනවාග ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ  එම සිද්ධියට අදාළවයි.