Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියාව මෙන් ‍ලංකාවටත් පහසුවෙන් කොවිඩ් එන්නත් කාඩ්පත ලබා දෙන්න නොහැකිද ?




කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට ලොවපුරා ජනතාවගේ දෛනික ජීවිතයට අලුත් දේ එක් වීමට පටන් ගෙන ඇත. එහි නවතම දේ ලෙස සැලකෙන්නේ කොවිඩ් එන්නත්කරණ කාඩ් පතයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ් එන්නත්කරණය අතින් වේගවත් ස්ථානයක පසුවුවද කොවිඩ් එන්නත ලබා ගත් පුද්ගලයින්ට එම එන්නත්කරණයට අදාළ කාඩ් පත ලබා ගත හැකිව ඇත්තේ විදේශ ගතවන්නේ නම් පමණයි.

කෙසේ වුවත් ක්‍රම ක්‍රමයෙන් රට විවෘත කෙරෙමින් ඇති පසුබිමක පොදු ස්ථාන, සම්මන්ත්‍රණ ශාලා සහ උත්සව ශාලා වලට ඇතුල් වීමේදී කොවිඩ් එන්නත්කරණයට අදාළ හැඳුනුම්පත අනිවාර්ය කිරීමේ ක්‍රමවේදය ප්‍රමාද වී ඇත.

කෙසේ වුවත් අසල්වැසි ඉන්දියාව විසින් කොවිඩ් එන්නත්කරණයට සමාගමිව එන්නත් කාඩ්පත නිකුත් කිරිමට පියවර ගෙන ඇත්තේ ඉතා පහසු ක්‍රමයකටය.

එනම්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එරට කොවිඩ් එන්නත ලබා ගනු ලබන ජනතාව ගේ සියලු තොරතුරු මාර්ගගත ක්‍රමයෙන් දත්ත පද්ධතියකට ඇතුලත් කෙරේ.

ජංගම දුරකථනයෙන් භාගත කර ගන්නා මෘදුකාංගයක් හරහා ඕනෑම පුද්ගලයෙකුට සිය නම, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී / පුරුෂ භේදය, රහස්‍ය අංකය, ජංගම දුරකථන අංකය, විද්‍යුත් ලිපිනය ඇතුලත් කිරිම සිදුකළ යුතුය.

ඉන් පසුව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති කොවිඩ් එන්නත් සහතික පතට ඉල්ලුම් කළ හැක. ඒ අනුව අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයේ ඇති මෘදුකාංගය තුළ එන්නත්කරණ කාඩ් පතේ ඩිජිටල් කාඩ්පත ඇතුලත් වන අතර ඕනෑම තැනකදී අදාල ඩිජිටල් කාඩ්පතේ QR කේතය මගින් එය ඉදිරිපත් කිරිමට හැකියාව ලැබේ.

ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව තුළද කොවිඩ් එන්නත ලබාදීමේදී අදාළ පුද්ගලයාගේ තොරතුරු දත්ත පද්ධතියකට එක් කෙරෙනවා. 

එවැනි පසුබිමක අදාළ කොවිඩ් එන්නත් සහතික පත පහසුවෙන් ලබාදීමට අප රටට හැකියාවක් ඇත්ද යන්න නිසි බලධාරීන් විමසා බැලිය යුතු නොවේද ?