Monday, April 29, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටට පැමිණෙන සහ ඉන් පිටව යන අයට විවෘත වූ PCR වෛද්‍ය රසායනාගාරය




තාවකාලිකව වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපළට අනුබද්ධිත පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය අද අලුයම 04.30 සිට යලි විවෘත කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සහ ඉන් පිටව යන ගුවන් මගීන් සදහා එම රසායනාගාරය විවෘත වනු ඇති.

පූර්ණ එන්නත්කරණයට භාජනය වූ සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන් සදහා මෙම රසායනාගාරය තුළින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ගැනීමට පහසුකම් හිමිවනවා.