Monday, April 29, 2024

General line - 0115112241

හැදල හංදියේ සිට ඇළකන්ද දක්වා දිවෙන මාර්ගය ගැන ජනතා චෝදනාවක්




හැදල හංදියේ සිට ඇළකන්ද දක්වා දිවෙන මාර්ගයේ ජල නළ අලුත්වැඩියාවක් සිදුකළ ස්ථානයක මාර්ගය දීර්ඝ කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඔවුන් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙකු වන එස් ටී වීරසේකර නෙත් නිවුස් වෙත කරුනු දැක්වූයේ මෙලෙසයි.

ජල නළ අලුත්වැඩියාව සිදු කළ ස්ථානය නිසි පරිදි කාපට් අතුරා පිළිසකර නොකිරීම හේතුවෙන් මාර්ගයට තවත් හානි සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නෙත් නිවුස් මෙම ගැටලුව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ වෙත යොමු කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලා ඊට කඩිනම් විසදුමක් ලබාදෙන බවයි.

මහජන මුදල් විනාශයට ඉඩ නොතබා මෙවැනි ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම වගකිව යුතු පාර්ශවවල වගකීමක් බව නෙත් නිවුස් සිහි කැඳවනවා.