Saturday, November 2, 2024

General line - 0115112241

හිස් වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධූරය සඳහා සුන්දරම් අරුමයිනායහම්




වී සිවඥානසෝති මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධූරය සඳහා සුන්දරම් අරුමයිනායහම් පත්කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ඵලව තිබෙනවා.

සුන්දරම් අරුමයිනායහම් මීට පෙර විදේශ රැකියා සහ වෙළඳපොල විවිධාංගීකරණය පිළිබද රාජ්‍ය අමාත්‍යංශය සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස හිටපු උතුරු පලාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් පත් කිරීමටද පාර්ලිමේන්තු සභාවේ එකගතාව පළව තිබෙනවා.

පී එස් එම් චාල්ස් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් පත්කෙරුණේ එම කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සදහායි.