Saturday, November 2, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පති කේ පී එම් ගුණරත්න සබරගමුව පළාතට




සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ පී එම් ගුණරත්න පත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවා කොමිශන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින්.

නියෝජ්‍ය පොලිස්පති කේ පී එම් ගුණරත්න මීට පෙර කටයුතු කළේ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

මීට පෙර සබරගමුව පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රන්මල් කොඩිතුවක්කුට වෛද්‍ය සේවා සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවක් ලබාදුන්නා.

ඒ රත්නපුර කිරි ඇල්ල මාර්ගයේදී පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයින් පිරිසකට පහරදී්මේ සිද්ධියකට අදාළවයි.