වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට අමෙරිකානු බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව සති කිහිපයක් ඇතුලත අමෙරිකාවේ වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කිරීමටයි අමෙරිකානු බලධාරීන් සැලසුම් කර ඇත්තේ.
කෙසේවෙතත් ඒ සඳහා අමෙරිකානු රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය මගින්ද අනුමැතිය ලබාගත යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මෙම නව තීරණය අමෙරිකාවේ ළමුන් මිලියන 28 කට පමණ බලපානු ඇති.
ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම ද ඉකුත් සැප්තැම්බර් මාසයේදී අනාවරණ කළේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර කාණ්ඩයේ දරුවන් සඳහාද ෆයිසර් එන්නත ආරක්ෂිත බව සිදුකළ පර්යේෂණ මගින් පැහැදිලිවන බවයි.