තවත් නව ගුවන් සමාගම් 5 ක් මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඒ අනුව, නොවැම්බර් මස සිට ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය, රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය ප්‍රංශයේ එයාර් ෆ්රාන්ස් ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
රුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය සහ ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවයද දෙසැම්බර් පළමු සතියේ සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කිරීමට එකගතාව පළ කර ඇති බව අමාත්‍යංවරයා සඳහන් කළා.
දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව මෙවැනි අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේ.