Saturday, November 2, 2024

General line - 0115112241

පුජිත සහ හේමසිරි ගේ නඩු ගැන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් තීරණය

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ හිටපු  පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුතු අවසන් කිරීමට එම අධිකරණය අද නියෝග කළා. 

විත්තිකරුවන්ට එරෙහිව එම චෝදනාවලට අදාළව කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වෙනම නඩු දෙකක් පවරා තිබෙනවා.

චෝදනා 855 කින් සමන්විත එම නඩු නොවැම්බර්  මස 29 දා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.