Saturday, November 2, 2024

General line - 0115112241

නාවික හමුදාව ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනට සැරසෙයි




ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අමෙරිකා එක්සත් ජනපදය මඟින් ලබා දෙන ලද “ඩග්ලස් මුන්රෝ”නෞකාව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරගෙන තිබෙනවා. ඒ, අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, “සියැට්ල්” වරායේ පිහිටි අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක කඳවුරේදීයි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි එන් ජයරත්න සහභාගී වී තිබෙනවා.

සාගර කාලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ  අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් තෙවන නෞකාව මෙයයි. 

මෙම නෞකාව 2022 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපදයේ “සියැට්ල්” වරායේ සිට ශාන්තිකර සාගර කළාපය සහ ඉන්දියානු සාගර කළාපය හරහා මෙරටට යාත්‍රා කිරීමට නියමිතයි. එම මුහුදු ගමන ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නාවික හමුදා නෞකාවක් යාත්‍රා කල දීර්ඝතම මුහුදු ගමන බවට ඉතිහාස ගතවන බවයි නාවික හමුදාව සඳහන් කළේ.