කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් සියයට 60 ක් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මෙරට ජනගහනයෙන් සියයට 70 ක් පළමු එන්නත ලබාගෙන ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියා.
මේ අතර පාසැල් සිසුන් එන්නත් කිරීමේ වැඩසටහන යටතේ මේ දක්වා සිසුන් තුන් ලක්ෂ 40,000 කට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්යශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කෙරුණා. එම කාර්්‍යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ දරුවන්ට එන්නත් ලබාදීමේදී කිසිදු බරපතල සංකූලතාවයක් වාර්තා වී නොමැති බවයි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 20 දෙනෙකු ඊයේ දිනයේදී මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා. ඒ අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 09 දෙනෙකු කාන්තාවන් වනවා.
මියගිය පුද්ගලයින් අතර අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 12 දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 08 දෙනෙකු වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.