පවතින නීති රාමුවෙන් බැහැරව කිසිදු පොහොර වර්ගයක් මෙරටට ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේදී රජය නීත්‍යානුකූල ක්‍රමවේදය අනුව කටයුතු කර ඇති බවයි.
මේ අතර අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එම පොහොර තොගය මෙරටට සපයන “ක්වින්ඩා ඕ සීවින්ග් බයෝටෙක් ගෲප්” සමාගම ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පොහොර තොගය භාරගැනීම වැළැක්වීම සඳහා ගැණුම්කරු විසින් කෘතිම බාධාවක් නිර්මාණය කළේදැයි සැක මතුවන බවයි. එම චෝදනාවටද කෘෂිකර්ම අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවෙදී පිළිතුරු ලබාදුන්නා.
අදාළ පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වනදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුව සැප්තැම්බර් 23 වනදා පොහොර තොගය නැව්ගත කළ බවත් අදාළ සමාගම ඊයේ නිත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් එහිදී ප්‍රශ්ණ කළා.