මුල්ලේරියාව - මීගහවත්ත ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා. අදාළ සැකකරු සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් විසිපන් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමීමටයි පොලිස් මූලස්ථානය තීරණය කර ඇත්තේ.
පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් ධනූෂ් බුද්ධික නොහොත් “ජිලේ” නමැති එම සැකකරු 30 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පවසන්නේ. මුල්ලේරියාව නව නගරය, මාළඹේ සහ මුල්ලේරියාව උඩුමුල්ල යන ප්‍රදේශවල ඔහු පදිංචිව සිට තිබෙනවා.
අංගොඩ, හිමුටාන, මුල්ලේරියාව නව නගරය, වැලිගම, මිදිගම, හික්කඩුව හා ගාල්ල ප්‍රදේශවල ඔහු වැඩි වශයෙන් ගැවසෙන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. සැකකරුගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර එම ඡායාරූප පහත දැක්වෙනවා.