මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සමක් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී තමන් ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලෙසයි පෙත්සම්කරු වන ආරියවංශ දිසානායක අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
මීට පෙර, හදිසි කාරණයක් ලෙස සලකා මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත්, පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුගේ නීතීඥවරයා, එම පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙනයාමට අකමැති බවත් සංශෝධිත අයදුම්පතක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සිය විරෝධය පළ කර ඇති අතර ඉන් අනතුරුව පෙත්සම්කරුගේ නීතීඥවරයා විසින් එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුවයි අධිකරණය විසින් එම පෙත්සම ප්රතික්ෂේප කර ඇත්තේ.