“එක රටක් - එක නීතියක් ” ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ නීතියේ ප්‍රශ්නයක් මත නොව ක්‍රියාවේ ප්‍රශ්නයක් මත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්.
එක් එක් ජන වර්ගවලට හා එක් එක් ප්‍රාදේශීය වශයෙන් ද අනන්‍ය නීති ක්‍රියාත්මක වන බැවින් “එක රටක් - එක නීතියක් ” ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබද දැඩිව අවධානය යොමුකළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
“එක රටක් - එක නීතියක් ” පිළිබදව හා රටේ වත්මන් තත්ත්වය පිළිබද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න තවදුරටත් අදහස් දැක්වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන nethnews.lk අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
මේ අතර “එක රටක් - එක නීතියක් ” සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ඊයේ පත් කෙරුණු අතර එහි සභාපති ධුරයට පත් කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.