කාබනික පොහොර හරහා වගා කටයුතු සිදුකරන ගොවීන් සහ භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් විශේෂ සමීක්‍ෂණයක් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඒ, ජනාධිපති මාධ්‍ය කේන්‍ද්‍රයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ පැවසුවේ ගොවීන් බහුතරයක් මේ වනවිටත් මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර ඇති බවයි.
අස්වැන්නේ අඩුවීමක් හෝ ආදායම් තත්ත්වයේ පහළ යාමක් සිදුවුවහොත් ඊට වන්දි ගෙවීමට අදාළ චක්‍රලේඛය ළඟදීම නිකුත් කරන බවද එහිදී අවධාරණය කෙරුණා.