Saturday, November 2, 2024

General line - 0115112241

නැනෝ තාක්‍ෂණික පොහොර ලොවට දායාද කළ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ පළමු වරට අදහස් දක්වයි




නැනෝ තාක්‍ෂණික පොහොර සම්බන්ධයෙන් පළමු වරට පරීක්‍ෂණ කරමින් එම තාක්‍ෂණය ලොවට දායාද කළ කණ්ඩායමේ සාමාජිකා නැනෝ විද්‍යාඥ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ අද පළමු වරට ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඇය අවධාරණය කළේ තවමත් ඊට අදාළ පේට්න් බලපත්‍රය ශ්‍රී ලංකාව සතු බවයි.

මෙම පරීක්‍ෂණයට අදාළ පේට්න් බලපත්‍රය ඉන්දියාවට විකුණා ඇති බවත් ඊට හේතු වූයේ ශ්‍රී ලංකාව තුළ ඊට නිසි වටිනාකමක් නොලැබීම හේතුවෙන් බවත් ඉකුත් දින කිහිපයේ විවිධ වාර්තා පළ වුණා.

ඊට ප්‍රතිචාර දැක්වූ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ පැවසුවේ ඉන්දියාව සමග සිදුකළේ තාක්‍ෂණික හුවමාරුවක් පමණක් බවයි.

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්‍ෂ 31 ක් මෙරටට ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එහි පළමු තොගය ලෙස ලීටර් ලක්‍ෂයක් ඉකුත් බදාදා මෙරටට රැගෙන ආවා.