පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ලොවක් බලා සිටි ඉන්දු පකිස්තාන තරගයේදී පකිස්තානයට සහය දැක්වූ සිසුන් තිදෙනෙක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ, උත්තර් ප්රදේශ් ප්රාන්තයේදීයි.
ඉන්දු පකිස්තාන තරගය පැවති ඉකුත් ඉරිදා මෙම සිසුන් ඉන්දීය විරෝධී සහ පකිස්තානයට සහය දක්වන අදහස් ප්රකාශ කරමින් හැසිරී ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් කාශ්මීරයේ පදිංචි සිසුන් පිරිසක් බවද තහවුරු කර තිබෙනවා. ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයෙන් පකිස්තානය ඓතිහාසික ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
මේ අතර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා - ඔස්ටේ්රලියා තීරණාත්මක තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.
දෙපිළම තරගාවලියේ තමන් සහභාගි වු පළමු තරගය ජය ගෙන සිටින බැවින් මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.