මෙරට කෘෂිකර්මාන්තයට අවශ්‍ය පළිබෝධ නාශක වර්ග කිහිපයක් ආනයනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ඒ සදහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.
චීනයෙන් ගෙන් වූ කාබනික පොහොර තොගයක් ආපසු හරවා යැවීමෙන් පසු ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඊයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණා. එහිදී සාකච්ඡා වී ඇති කරුණු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්.
කාබනික වගාව හරහා කිසියම් ගොවියෙකුට පාඩුවක් සිදුවන්නේ නම් හෝ අස්වැන්නේ අඩුවක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට අදාළ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.