Saturday, November 2, 2024

General line - 0115112241

ලොව ඉහළ පෙළේ විද්‍යාඥයින් සියයට දෙක අතරට ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු 




ලොව ඉහළ පෙළේ විද්‍යාඥයින් සියයට දෙක අතරට ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. 

එහි ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේයි. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් 6 දෙනෙකු, කැළණිය විශ්වවිද්‍යාලයේ 5 දෙනෙකු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිව් දෙනෙකු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිදෙනෙකු, රජරට විශ්වවිද්‍යාලයේ දෙදෙනෙකු, යාපනය සහ වයඹ විශ්වවිද්‍යාලවලින් එක් විද්‍යාඥවරයෙකු බැගින් සහ අන්තර්ජාතික ජල කළමණාකරණ ආයතනය නියෝජනය කරන විද්‍යාඥයින් දෙදෙනෙකු මේ අතරට අයත්.

රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබද මහාචාර්යවරයා ලෙස කටයුතු කළ වත්මන් ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද මෙම ලැයිස්තුවට ඇතුළත්වීම විශේෂත්වයක්. ඔහු ශ්‍රී ලාංකික විද්‍යාඥයින් අතර සිටින්නේ 11  වන ස්ථානයේයි. අසිත ද සිල්වා, සේනක රාජපක්‍ෂ, නී්ලිකා මලවිගේ, සුනෙත් අංගම්පොඩි ඇතුළු වෛද්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ මහාචාර්යවරුන් 11 දෙනෙකු මෙම ලැයිස්තුවට අයත්. 

ලොව විශිෂ්ඨතම විද්‍යාඥයින් මෙලෙස තෝරාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා එල්සිවයර් ප්‍රකාශකයින් එක්ව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණ ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයින් යොදාගෙන ඇති ආකාරය මෙහිදී සැලකිල්ලට බදුන්කර තිබෙනවා.