වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.
මේ අතර අත්අඩංගුවට ගැණුනු වඳුරඹ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු නොවැම්බර් 3 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරුවන් බද්දේගම ප්රධාන මහෙස්ත්රාත් එච්.යූ.කේ පැල්පොල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වාහනයක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙක් සන්තකයේ තිබූ රුපියල් දස ලක්ෂයක මුදලක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු තවත් සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.
වාහනයක් මිලදී ගැනීමට තැරැව්කරුවෙක් සමග වඳුරඹ දෙසට මෝටර් රථයකින් ඉකුත් 11 වෙනිදාගමන් කරමින් සිටියදී සැකකාර ප්රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් එම මුදල පැහැර ගත් බවට අදාළ පුද්ගලයා නාගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.
සැකකාර ප්රධාන පොලිස් පරීක්ෂකවරයා නොවැම්බර් 03දිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද, බද්දේගම මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.