අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස් පී රණසිංහ පොලිස් මූලස්ථානය වෙත මාරු කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත්තේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්නයි.
මීට අමතරව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණයට නියෝජ්‍ය පොලිස්පති කේ එන් ජේ වෙදසිංහ පත් කර තිබෙනවා.
මේ අතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු හා සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 7 දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.