ඉදිරි සති දෙකෙන් පසු යළි කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ සදහන් කළේ මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තාවීම ඉහළ යනු ඇති බවයි.
දෙසැම්බර් මාසයේ උත්සව සමයක් එළඹෙන බැවින් තත්ත්වය වඩාත් තීරණාත්මක වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 7,487 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව පන් ලක්‍ෂ 11,863 ක් දක්වා ඉහළ ගියා.
මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු අද හදුනා ගැණුනා.