Saturday, November 2, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය හිඟ නිසා ඇබ්බැහි වූ පුද්ගලයින්ට විකල්ප බෙහෙත් දෙන පානදුරේ දොස්තර




මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් සදහා මත්ද්‍රව්‍යවලට විකල්පයක් ලෙස පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ඇතැම් ඖෂධ අධිමාත්‍රාවෙන් ලබාදෙන බවට පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා. මීට හේතු වී ඇත්තේ මේ දිනවල මත්ද්‍රව්‍යවල හිඟයක් පැවතීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ. මෙම වෛද්‍යවරයාගෙන් ඖෂධ අධිමාත්‍රාවෙන් ලබාගත් පුද්ගලයෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමට ද නෙත් නිවුස් කණ්ඩායමට හැකි වුණා. එහිදී ඔහු පැවසුවේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් සදහා ඉන් මිදීමට අවශ්‍ය ඖෂධ තමා විසින් ලබාදෙන බවයි. 

සමාජයෙන් වාර්තා වන මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නෙත් නිවුස් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනි වෛද්‍ය ප්‍රියංගි  අමරබන්දුගෙන් විමසීමක් කළා.

මෙලෙස අධි මාත්‍රාවෙන් ඖෂධ ලබාදෙනවෛද්‍යවරයා සම්බන්ධයෙන් නෙත් නිවුස් විසින් පොලිස්පතිවරයාගේ අවදානය යොමු කිරීමට පියවර ගනු ලැබුවා.