Saturday, November 2, 2024

General line - 0115112241

ආඝාතය නිසා සිදුවන හානිය




ආඝාතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව රෝහල්ගතවීම් 60,000 ක් පමණ සිදුවන බව ඔබ දන්නවාද? මෙරට සිදුවන මරණවලට 6 වන ප්‍රධාන හේතුව සහ ආබාධවීම්වලට 5 වන ප්‍රධාන හේතුව ආඝාතයයි. මොළය ආශ්‍රිත රුධිර නාළවල රෝගී තත්ත්වය ආඝාතය ලෙස හැදින්වෙනවා. 

ලොවපුරා සෑම වසරකම මිලියන 13 යි දශම 7 ක් මෙම රෝගයට ගොදුරු වනවා. ඉන් මිලියන 5 යි දශම 5 ක් මිය යන බවයි ගෝලීය වාර්තාවල දැක්වෙන්නේ. ගෝලීය ආඝාත මරණවලින් සියයට 85 ක් සහ ආබාධවීම්වලින් සියයට 87 ක් සිදුවන්නේ ශ්‍රී ලංකාව වැනි අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලයි. 

ලෝක ආඝාත දිනය අදයි. මෙවර එහි තේමාව වන්නේ “මොහොතක පමාව දිවියක නිමාව කර නොගත යුතුයි” යන්නයි.