යම් යම් ප්රමාදයන් සිදු වුණත් පාස්කු ප්රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අනිවාර්යෙන්ම ඉටු කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ පැවති උත්සවයකට එක් වෙමින්.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියර වෙනුවෙන් සංවිධාන කළ මෙම උත්සවයේදී අගරදගුරු සහායක ජේ ඩී ඇන්තනී පියතුමන් ද අදහස් පළ කළා.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් පවුල් 19කට නව නිවාස ලබාදීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. කුලී පදනම හා අඩු අදායම්ලාභී පදනම මත තෝරාගත් පවුල් 33කට නව නිවාස ප්රධානය කිරීමට නියමිතයි. එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 4 ඉක්මවනවා.