Saturday, November 2, 2024

General line - 0115112241

යුගදනවි ගිවිසුම වෙනස් කිරීමට සූදානම් බවට අගමැතිගෙන් පක්ෂ නායකයින්ට පොරොන්දුවක්




යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකානු සමාගමක් සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුමේ සඳහන් රටට අහිතකර කරුණු වෙනස් කිරිීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයින් පවසනවා. 

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ නෙත් නිවුස් වෙත මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ රාත්‍රියේ අවසන් වූ විශේෂ සාකච්ඡාව පිළිබද අදහස් දක්වමින්.

ආණ්ඩු පක්ෂයේ නායකයින් සහභාගී වූ මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලලගෙන් ඒ පිළිබඳ ප්‍රශ්ණ කළා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන්ද මාධ්‍යවේදීන් සාකච්ඡාව පිළිබඳ විමසීමක් කළා.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයින් අද දිනයේ සියලු වෘත්තිය සමිති හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා. යුගදනවි බලාගාරයේ ගිවිසුම එහි ප්‍රධාන මාතෘකාවයි.