දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයින පුරාම වළාකුලින් බර අහසක් දැකගත හැකියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.