ශ්‍රී ලංකාවට අවශ්‍ය කාබනික පොහොර විදෙස් රටවලින් මෙරටට ගෙන්වීමට කිසිදු අවශතාවක් නොමැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එය රසායනික පොහොර ගෙන්වීමට වඩා භයානක විය හැකි බවයි.
මේ අතර ශ්‍රී ලංකාව තුළ සියලු කාබනික පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණය ඕනෑ තරම් ඇති බව නැනෝ විද්‍යාඥ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ පවසනවා. නැනෝ නයිට්රජන් දියර පොහොර තාක්ෂණය පළමුව ලොවට හදුන්වා දුන් පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්්යවරියක් වන ඇය පැවසුවේ මෙතෙක් ශ්‍රී ලංකාව තුළ එවැනි නිෂ්පාදනයක් සිදු නොවන්නේ ආයෝජකයෙකු සොයාගැනීමට ඇති නොහැකියාව නිසා බවයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ අදාළ පොහොර ශ්‍රී ලංකාව තුළ නිපදවිය හැකි නම් ඊට අවශ්‍ය ආයෝජකයෙකු සොයාදීමට රජය සූදානම් බවයි.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පැවසුවේ දැනටමත් කාබනික පොහොර මෙරට තුළ නිෂ්පාදනය කිරීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්තවලට අනුව මහ කන්නය වෙනුවෙන් ගොවීන් දෙලක්ෂ 44,000 ක් දැනටමත් සිය වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය මෙරට නිෂ්පාදිත කොම්පෝස්ට් සහ දියර පොහොරත්, ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ නයිට්රජන් පොහොරත් ලබාදෙමින් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. කෙසේවෙතත් පොහොර ගැටලුව මුල් කර ගනිමින් ආරම්භ වූ විරෝධතා තවමත් අවසන් වී නැහැ.