ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂ 11 ක සහභාගීත්වයෙන් “මහජන මන්ත්‍රණ සභාව” නමින් සම්මන්ත්‍රණයක් කොළඹදී අද පැවැත්වෙනවා. අද එහි ප්‍රමුඛ මාතෘකාව වී ඇත්තේ යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීමට අදාළ ගිවිසුමයි. එක්වරම මෙලෙස මහජන මන්ත්‍රණ සභාවක් ලෙස සම්මන්ත්‍රණයක් කැදවන්නේ මන්දැයි නෙත් නිවුස් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
මේ අතර ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ විහේෂ සාකච්ඡාවේදීද යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකානු සමාගමක් සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. අදාළ ගිවිසුම පිළිබද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් වන යෝජනා තමාට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මුදල් අමාත්‍යවරයා සියලු පක්ෂ නායකයින්ට දැනුම්දී තිබෙනවා. ගිවිසුමේ සඳහන් රටට අහිතකර කරුණු වෙනස් කිරිීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සාකච්ඡාවෙන් පසු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පැවසුවේ.