ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති මේ වන විට රට පුරා සථාන රැසක විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. ඒ, යුගදනවි ගිවිසුමට එරෙහිවයි. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල්ල පැවසුවේ ස්ථාන 20 කදී විරෝධතා ක්‍රියාත්මක බවයි.
ලබන 03 වනදායින් පසු විදුලි බල වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ රටටත්, වෘත්තිය සමිතිවලටත් බලපෑමක් නොවන පරිදි තීන්දු තීරණ ගැනීමට සූදානම් බවයි.
මේ අතර වැටුප් විශමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 09 වනදා අසනීප නිවාඩු වාර්තා කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් පවසනවා.