කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පවතින සීමා තවදුරටත් ලිහිල් කිරීම පිළිබද අවධානය යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව ලබන 01 වැනිදා සිට උපකාරක පංති යළි ආරම්භ කිරීම සඳහා නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් ද අවසන් තීරණයකට එළැඹීමට නියමිතයි. එමෙන්ම අන්තර් පළාත් මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගනු ඇති.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ අන්තර් පළාත් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගන්නා බවයි. දැනට නතර කර ඇති දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවසන් එකගතාවකට පැමිණෙනු ඇති. අවසර ලද වහාම අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.
පැවති සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අදියර දෙකක් යටතේ ඔක්තෝබර් 31 වනදා තෙක් නව මාර්ගෝපදේශ මාලාවක් මීට පෙර නිකුත් කෙරුණා.