ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිචාර දක්වා තිබෙනවා. මහ බැංකුව පවසන්නේ මෙරට ක්‍රයශක්ති වර්ගීකරණය පහත හෙළීම කාලානුරූප නොවන බවයි.
මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය පහත දමනු ලැබුවා. ඒ සදහා එම ආයතනය සලකා බලා ඇත්තේ මෙරට විදේශ විනිමය බැදුම්කර හා විදේශ විනිමය සංචිත පහත වැටීමයි. ශ්‍රී ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවයි මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කණගාටු වන බවයි. රජයේ මූලික සැලසුම් වටහා ගැනීමකින් තොරව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි.