අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා.
ඒ, උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදියි. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබන ඉරිදා සිදුකිරීමට නියමිතයි.