නිවෙස්ගත ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයට එක් වූ කොරෝනා ආසාදිතයින්ගෙන් රෝහල්ගත කර ඇත්තේ සියයට එකක් පමණක් බව සෞඛ්‍ය අංශ පවසනවා. රෝගී සත්කාරක සේවාවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පැවසුවේ මේ වන විට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
ඉදිරි මාස කිහිපයේදී කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිලිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70 ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බවයි.