අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන්, අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි.
කෙසේවෙතත් පන්ති ආරම්භ කරන දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර බස්නාහිර පළාතේ ප්‍රාථමික පාසැල්වලට අද දිනයේ සිසුන්ගෙන් සියයට 65 යි දශම 4 ක් පැමිණ තිබෙනවා. විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට 92 යි දශම 7 ක්. ගුරුවරුන්ගේ පැමිණීම පැවතියේ සියයට 89 ක මට්ටමකයි.