විදේශීය කාන්තාවන්ට මෙරට තුළ රැකියා ලබාදෙන බව පවසා ගල්කිස්ස විද්‍යාල මාවතේ ක්‍රියාත්මක වූ ජාවාරමක් වැටලීමට වලාන දූෂණ මර්ධන ඒකකයට හැකිවී තිබෙනවා. ඒ, නෙත් නිවුස් ලබාදුන් තොරතුරු මත කළ විශේෂ වැටලීමකදීයි.
මෙම ජාවාරම්කරුවන් පිරිස සිදු කරගෙන ගොස් තිබුණේ ඉන්දුනීසියානු කාන්තාවන් මෙරටට රැගෙනවිත් වීසා නොමැතිව රට තුළ තබාගනිමින් ගණිකා ජාවාරමේ යෙදවීමයි.
ඔවුන් මෙම ජාවාරම සිදු කරගෙන ගිය ස්ථානය අද වැටලූ අතර එහිදී ඉන්දුනීසියානු කාන්තාවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ, උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමේදීයි. ප්‍රසිද්ධ පුවත්පත්වල හා සමාජ මාධ්‍යයන්හි දැන්වීම් පළ කරමින් සුඛෝපභෝගී නිවසක මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.