ලොව ඉහළ පෙළේ විද්‍යාඥයින් සියයට දෙක අතරට ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු තෝරා ගැණුනු අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා එල්සිවයර් ප්‍රකාශකයින් එක්ව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා. අද ගුඩ් නිවුස් විශේෂාංගයට එක් වන්නේ එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේයි.
විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින ක්‍රියාපටිපාටිය ඉතා අපහසු බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පැවසුවේ. මහාචාර්යවරිය පැවසුවේ මූල්‍ය පහසුකම් සොයාගැනීමට හැකිවූයේ නම් ලොව පිළිගත් විද්‍යාඥයින් රැසක් මීටත් වඩා ශ්‍රී ලංකාවෙන් බිහිවන බවයි.
මෙරට විදයාත්මක පරීක්ෂණ සඳහා සහය ලබාදීමට දේශපාලනික වශයෙන් කිසිදු වුවමනාවක් නැතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.