මේ වන විට ලෝක වෙළදපොළේ රසායනික පොහොර මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව මුහුණපා ඇති ඩොලර් ප්‍රශ්ණය හමුවේ රටට රසායනික පොහොර ආනයනය කිරීම අතිශය දුෂ්කර විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත තහවුරු කළේ රසායනික පොහොර ආනයනය නතර කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට යාමට තිබූ රුපියල් බිලියන 10 ක ඩොලර් ප්‍රමාණයක් රට තුළ ඉතිරිවී ඇති බවයි.
මෙරට රසායනික පොහොර භාවිතයේදී වැඩිම ප්‍රමාණයක් වගාවට අවශ්‍ය වන්නෙ යූරියායි. එහෙත් මේ වන විට ලෝක වෙළදපොලේ යූරියා මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. යූරියා මෙට්්රක් ටොන් එකක් ඉකුත් වසරේදී ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇත්තේ ඩොලර් 263 කටයි. එහෙත් මේ වන විට යූරියා මෙට්්රක් ටොන් එකක මිල ඩොලර් 500 ද ඉක්මවා ගොස් ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුනේ.
ඊට හේතුව වී ඇත්තේ ඉන්දියාව ඇතුලු රටවල් වැඩි වශයෙන් ලෝක වෙළදපොලෙන් යූරියා මිලදී ගැනීමයි. ශ්‍රී ලංකාව මහ කන්නය සඳහා මිලදී ගනු ලබන්නේ යූරියා මෙට්්රක් ටොන් ලක්ෂයත් එක් ලකෂ 30,000 ත් අතර ප්‍රමාණයක්. කෙසේ වෙතත් මෙම කාලයේදී ඉන්දියාව මිලදී ගන්නා යූරියා ප්‍රමාණය මෙට්‍්‍රක්ටොන් මිලියන 06 ක්. මේ හේතුවෙන් යූරියාවල ඉල්ලුම ඉහළයාම සිදුවනවා.
මෙවර මහ කන්නය සදහා ශ්‍රී ලංකාව රසායනික පොහොර ආනයනය කළේ නම් වැයවන මුදල රුපියල් බිලියන 23 ක්. එහෙත් කාබනික පොහොර ආනයනය සදහා වැයවන්නේ රුපියල් බිලියන 13 යි දශම 06 ක් පමණයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලේ පවතින ඩොලර් ප්‍රශ්ණය හේතුවෙන් ඉදිරි කන්නවලදී ශ්‍රී ලංකාව පොහොර අවශ්‍යතාවයෙන් සියයට 50 ක් මෙරටදී නිපදවා ගැනීම අතිශය වැදගත් බවයි.