Tuesday, December 24, 2024

General line - 0115112241

කැළඹුණු කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා




ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් හිනිදුම සහ ඒ අවට ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

එම ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ද බලපා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.  

ජලාශ රැසක මේවනවිට වාන් දොරටු විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස් පී සී සුගීෂ්වර.

වර්ෂාව හේතුවෙන් නායයාම් පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ. මේ, එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

අද දිනයේ ද ප්‍රදේශ රැසකට මිලි මීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන සඳහන් කළේ.