දිස්ත්‍රික්ක 07කට පනවා ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
බදුල්ල, රත්නපුර, මාතලේ, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑම් අවධානම් නිවේදනය අද රාත්‍රී 10දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩිනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 05ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනවා. කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 03ක් විවෘත කර ඇති අතර මේ හේතුවෙන් නෝටන් බි්රජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.
පවතින වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජාලශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් තිබෙනවා. මෙම ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කෙරෙන බවයි ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළේ.
මේ ජලාශවල ජල මට්ටම් පිළිබද කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමණාකරන අංශයේ අධ්යක්ෂ එස් ටී සී සුගීෂ්වර.
මේ අතර පවතින වැසි තත්ත්වය ලබන 10වනදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේද ප්‍රදේශ රැසකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශිරෝමිණි ජයවර්ධණ සඳහන් කළේ.