Wednesday, May 8, 2024

General line - 0115112241

ආපදාවලින් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළට




ආපදාවලින් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 30,185 ක්. ඉන් පුද්ගලයින් 12, 700 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ අධික වැසි හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංඟාවල ජල මට්ටම මේවනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි.

පස්කඳු කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර - කොළඹ මාර්ගය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න, පවතින අවදානම පිළිබඳ මෙලෙස පැහැදිලි කළා.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින්විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.