Wednesday, May 8, 2024

General line - 0115112241

දෙපයින් නැගිටිනි ආර්ථිකයක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව මුදල් ඇමති කියයි 




දෙපයින් නැගිටිනි ආර්ථිකයක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ, අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්. 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ අයවැය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග අදහස් පළ කළා. 

මේ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අයවැය සම්බන්ධයෙන් පළ කළ අදහස්. 

අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායක තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණා. ඒ සඳහා පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහභාගී වී සිටි බවයි අයවැය ආවරණය කළ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරුවන් වන සජිත් තිලකරත්න සහ මහේෂ් චතුරංග පැවසුවේ.