Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හුදෙකලා කෙරේ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු පුහුණුකාර මණ්ඩලයේ තිදෙනෙකු හුදකලා කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි. 

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුයේ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා ආරම්භවීමට නියමිතව තිබියදීයි. කෙසේවෙතත් මේ හේතුවෙන් තරගාවලිය කල් දැමීම පිළිබද තීරණයක් ගෙන නොමැති බවයි ක්‍රිකට් පරිපාලකයින් පවසන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ජාතික කණ්ඩායම සමග ගාල්ලේදී පුහුණු සැසිවලටද එක්වී තිබෙනවා. එහෙත් ඔහු කිසිදු ක්‍රීඩකයෙකු සමග සමීපව සබඳතා පවත්වා නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව පන්දු රැකීමේ පුහුණුකරුගේ සමීප ආශ්‍රිතයින් හෙට දිනයේ යළි කොරෝනා පරීක්‍ෂණයකට ලක් කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු තමන් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව මිකී ආතර් දැනටමත් ප්‍රකාශ කර අවසන්.